අපේ සංස්කෘතිය අනුව විවාහය ඉතා වැදගත් පූජනීය බැඳීමකි.
සැමියා හා බිරිඳ එක්ව එය රැකගත යුතුය. අපි සියලු දෙනාම ඒ මතයේ ඉන්නවා….
තවද.විවාහයට ප්රථම වෙන් වෙන්ව සිටින කාලය නැතහොත්
ආදරවන්තයින් ලෙස සිටින කාලය හා විවාහයෙන් පසුව එක වහලක් යට ජීවත්වීම ඉඳුරාම වෙනස් වූ අත්දැකීම් දෙකකි.
දෙපාර්ශ්වයේ පවුල්වල ප්රශ්න,
ආර්ථික අගහිඟකම්,සමාජීය ප්රශ්න යනාදිය පිළිබඳ මත ගැටුම් ඇතිවීම ඉතාම ස්වභාවිකය.
ඒවා ආදරය ,අන්යෝන්ය විශ්වාසය, හා අවබෝධය මත විසඳී යන සොඳුරු මත ගැටුම් ය. මෙලෙස දිවි හිමියෙන් විවාහ ජීවිතය රැක ගැනීමට සැමියා හා බිරිඳ දෙදෙනාම කැපවිය යුතුය.
එහෙත් මේ සියල්ල තම තමන්ගේ උපරිමයෙන් සිදු කොටත්, සතුටින් එක්ව ජීවත් විය නොහැකි නම්,
වෛරයෙන් ,තරහින්, හැමදාම එකිනෙකා නොරුස්සමින් ගහ බැන මරා ගන්නවා නම්, ඊට වඩා හොඳයි නේද ඉතාම පැහැදිලිව කතාබහ කොට
අමනාපයකින් ,තොරව,ඉතාම සුහදව,සන්සුන්ව ,එකිනෙකාගේ ගෞරවය රැකෙන පරිද්දෙන් වෙන්ව යෑම ……
යුරෝපීය රටවල මෙය බහුලව දකින්නට ලැබෙන තත්වයකි. ලංකාවේ මේ සඳහා යල්පැනගිය විවාහ නීති වෙනස් විය යුතුය .සැමියා විසින් බිරිඳ ට කරනු ලබන සියලු ගෘහස්ථ හිංසන වෙනුවට ආදරය විශ්වාසය හා අවබෝධය මුසු කළ වෙනත් විකල්ප ක්රමයක් පුරුෂ පාර්ශවය විසින් සොයා ගත යුතුය.
ගැහැණු මනුස්සයා…
මෙය කියවන ඔබ පිරිමියෙක් නම්
මව, සොහොයුරියන්,බිරිඳ,මිතුරියන්, ඇතුළු සමස්ත කාන්තාවන් පිළිබඳව
ඔබ නොදන්නා බොහෝ දෑ……
මේය කියවන ඔබ කාන්තාවක් නම්,
ඔබලා පිළිබඳව ඔබ නොදන්නා
බොහෝ දෑ…..
සියවස් ගණනාවක්,සම්ප්රදායානුකූල රාමුව තුළ සිරකළ කාන්තාව ට වඩා වෙනස් කාන්තාවක් ඕශෝ අපට පෙන්වයි.