Monday, December 23, 2024

ඊයේ විදුලි බිදවැටීම ගැන සොයන්න පත් කල කමිටුව අද රැස්වෙයි

Must read

ඊයේ(17) දින දහවල් කාලයේ සිට දිවයින පුරා විදුලි සැපයුම බිදවැටීම සම්බන්දයෙන් විමර්ශණය කිරීමට පත් කල කමිටුව අද උදෑසන රැස්විය. ඒ අනුව විදුලිය බිදවැටීම සම්බන්දයෙන් වන වාර්ථාවක් දින 7ක් තුල ලබාදෙන ලෙස එම කමිටුව වෙත දැනුම් දී තිබේ.

එමෙන්ම විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් සංක්ෂිප්ත වාර්තාවක් දින තුනක් තුළ ලබා දෙන්නැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට දැනුම් දී ඇති බවද වාර්ථා වෙයි.එමෙන්ම මසක් ඇතුලත විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් මාසයක් තුළ ලබා දෙන්නැයි දැනුම් දී ඇති බවත් එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පවසයි.

විදුලි සැපයුම බිඳ වැටීමත් සමග ප්‍රදේශ ගණනාවක ජල සැපයුමට ද බාධා එල්ල වුණි.

මෙලෙස දිවයින පුරාම පූර්ණ විදුලිය බිඳ වැටීමක් වාර්තා වුණේ 2016 වසරට පසුව ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article