Wednesday, December 25, 2024

ඉන්ධන ගෑස් හිගය නිසා සංචාරක කර්මාන්තයත් අර්බුදයක..?

Must read

ඉන්ධන හා ගෑස් ලබා ගැනීමේදී සංචාරක ක්ෂේත‍්‍රයේ නියුතු වූවන්ට ප‍්‍රමුඛතාව ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා විෂය භාර ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නට තරම් තත්වයකට සංචාරක කර්මාන්තය දැන් අර්බුදයක් කරා ගමන් කරමින් තිබේ.
මේ දිනවල ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම් වල විදේශිකයන් පවා සිටිනු අයුරු දකින්නට ලැබේ.
එමෙන්ම සතියකට හෝ දෙකකට නිවාඩුවක් සදහා පැමිණෙන සංචාරකයන්ට සිය සැලැසුම් ගත ගමන් සංවිධානය කරගැනිමට පවා ඩිසල් හිගය නිසා ගැටළු මතුව තිබේ.
එංගලන්තය පසුගියදා සිය රටේ ජනතාවට ලංකාව ගැන අනතුරු අගවමින් කියා සිටියේ රටේ පවතින අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්ගේ හිගය ගැනය.

මේ වසර තූළදී සංචාරකයන් 235,000 කට ආසන්න පිරිසක් මේ දක්වා රටට පැමිණ ඇති බැවින් සංචාරකයන් 50,000කට ආසන්න පිරිසක් රට තුළ සිටිනු ඇතැයි අපේක්ෂා කරන බව ද, රටට විදේශ විනිමය උපයන සංචාරක කර්මාන්තය ඉදිරියට ගෙනයෑම සඳහා සහයෝගය ලබාදීම ජාතික අවශ්‍යතාවක් බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක සේවා සපයන ආයතන හා පුද්ගලයන් වෙත ඉන්ධන හා ගෑස් ලබාදීමේදී ප‍්‍රමුඛතාව ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ගෑස් සමාගම් හරහා අවස්ථාව සලසන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article