Saturday, September 21, 2024

ඉන්දීය ධීවරයාට වෙඩි තැබූ නාවික හමුදා නිලධාරියාට නීතිය ක්‍රියාත්මක කරන්නැයි තමිල්නාඩුවේ විරෝධතා.

Must read

 image_1489053697-c43c27cdcb
ඉන්දීය ජාතික ධීවරයෙකුට වෙඩි තැබීමේ සිදුවීමක් සම්බන්දයෙන් ශ්‍රීලංකා නාවික හමුදාවේ නිලධාරියෙතුට එරෙහිව තමිල්නාඩු ප්‍රදේශයේ ධීවරයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් උද්ඝෝෂණයක් නිරත වන බව ඉන්දියන් එක්ස්ප්‍රස් පසුගිය බදාදා වාර්ථා කර තිබුණි. ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ ඉන්දීය නීතියට අනුව මෙම නාවික හමුදා නිලධාරියා අත්අඩංගුවට ගන්නා ලෙසටයි.
2012 වසරේ සිදුවූ මෙවැනිම සිදුවීමක් නිසා ඉන්දීය ධීවරයන් දෙදෙනෙකු මරා දැමීමට වරදකරුවන් බවට පත්වූ ඉතාලිජාතික මැරීන්භටයන් දෙදෙනෙකුගේ සිදුවීමක් ඉදිරිපත් කරමින් මෙම විරෝධථාකරුවන් මෙසේ උද්ඝෝෂණයේ නිරත වන බවයි වාර්ථා වන්නේ.
ඉන්දීය ධිවරයන් හා ශ්‍රීලංකා නාවිත හමුදාව අතර ඇති දීර්ඝ කාලීන ගැටම් වලදී 1985 වසරේදී ඉන්දීය ජාතික ධීවරයන් දෙදෙනෙකු මරා දැමුවායැයි කියන සිදුවීමකට ශ්‍රීලංකා නාවික හමුදාවේ ලධාරියෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් පිලිබදවද වාර්ථා වන බව ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්ථා කරනවා.
www.dailymirror.lk ඇසුරිණි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article