Thursday, December 26, 2024

ඉන්දීය ආධාර යටතේ වතුකම්කරුවන්ට නිවාස

Must read

ඉන්දියානු රජයේ ආධාර යටතේ හැටන් වැලිඔය වත්තේ පහළ කොටසේ වතු කම්කරු නිවාස 50 ක් ඉදි කිරිම් සදහා මුල් ගල තැබිම අද (16) දින සිදු කරනු ලැබිය.මෙම එක් නිවසක් ඉදිකිරිම සදහා ඉන්දියානු රජයෙන් රු ලක්ෂ 10ක් සහ වත්මන් රජය මගින් එක් නිවසක් සදහා රු ලක්ෂ 2ක් යොදමින් ලක්ෂ 12කින් එක් නිවසක් ඉදි කිරිම සදහා ප්‍රතිපාදන වෙන් කර ඇති අතර පර්චස් 7ක ඉඩමක් වර්ග අඩි 750කින් යුත් එක් නිවසක විසිත්ත කාමරයක්, නිදන කාමර දෙකක් , මුළුතැන්ගෙයක් , වැසිකිලි පද්ධතියක්ද ඇතුලත් වන අයුරින් මෙම නිවාස සැලසුම් කර ඇත. සැම නිවසකටම පානිය ජලය , විදුලිය සහ මං මාවත් වලින්ද සමන්විය.

ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ආරාධනයෙන් ශ්‍රි ලංකාවේ වැඩ බලන ඉන්දියානු කොමසාරිස් විනොත්.ජේ.ජෙකොබි , වැවිලි කර්මාන්ත සහ කෘෂි අපනයන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහතුන් විසින් මෙම නව නිවාස යෝජනා ක්‍රමයේ ඉදි කිරිම් කටයුතු ආරම්භ කරනු ලැබිය.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article