Monday, January 13, 2025

ඉදිරි මැතිවරණයේදී භික්ෂූන්වහන්සේලාට අපේක්ෂකත්වය නොදෙන්නැයි ජ්‍යෙෂ්ඨ භික්‍ෂූන්වහන්සේලා අගමැතිගෙන් ඉල්ලති

Must read

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී කිසිදු භික්‍ෂූන්වහන්සේ නමකට අපේක්‍ෂකත්වය ලබානොදෙන ලෙස දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කිරීමට ත්‍රෛනිකායට අයත් ජ්‍යෙෂ්ඨ භික්‍ෂූන්වහන්සේලා පිරිසක් තීරණය කර ඇති බව වාර්ථා වෙයි.

භික්‍ෂූන් වහන්සේලා අනුශාසකයන් ලෙස කටයුතු කළ යුතු බවත්,භික්‍ෂූන්වහන්සේලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන්, පළාත් සභා හෝ පළාත් පාලන ආයතන සභිකයන් ලෙස කටයුතු කිරීමෙන් බුද්ධශාසනයට හානියක් සිදුවනබවත් පවසමින් මෙහි පළමු පියවර ලෙස අදාළ ඉල්ලීම ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා පිරිස විසින් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත මූලික දැනුම්දීමක් වශයෙන් දැනුම්දී ඇති බවද වාර්තාවේ.

ජ්‍යෙෂ්ඨ භික්‍ෂූන්වහන්සේලාගේ මෙම ඉල්ලීම සම්බන්දයෙන් අවධානය යොමුකරන බවට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී එම භික්‍ෂූන් වහන්සේලාට දැනුම්දී ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article