Sunday, January 12, 2025

ඇමසන් වනය නිකම්ම ගිනිගත්තාද??

Must read

ඇමසන් වනාන්තර ගින්නේ නොකී කතාව
වර්ෂ 2019 ජූලි මාසය ලෝක වනසංරක්ෂණ ඉතිහාසයේ සංධිස්ථානයකි…. ඊට හේතුව ලොව ප්‍රබලතම තෙල් සමාගමකට එරෙහිව, හුදෙක් මිනිස්සු 2,000කින් සමන්විත ආදිවාසී ජනතාවක් උසාවි ගොස් ජයග්‍රහණය ලැබීමයි…. පස්තාසාවේ Waorani ජනතාව යනු ඉක්වදෝරියානු ඇමසන් කලාපයේ ජීවත්වන ආදිවාසී ජන කොට්ඨාසයකි…. ඔවුන්ගේ සමස්ත ප්‍රජාව, පුද්ගලයන් 2,000ක් තරම් සුළු සංඛ්‍යාවකට සීමා වේ… ඉක්වදෝරියානු රජය විසින් ස්වකීය ජන්මභූමිය වන අක්කර ලක්ෂ 5කට ආසන්න භූමිය තෙල් සමාගම්වලට ලබාදීමට එරෙහි ව ඔවුහු වසර ගණනක් තිස්සේ ඉක්වදෝර රජයට එරෙහිව නඩු කීවෝ ය… 2012දී පළමු නඩු තීන්දුවෙන් පරාජය වූ ඉක්වදෝර රජය, එම තීන්දුවට එරෙහි ව පස්තාසා ප්‍රාදේශීය අධිකරණයේ අභියාචනාවක් ගොනු කළේ ය… එහිදී රජයේ අභියාචනය ඉවත දැමු ත්‍රිපුද්ගල අධිකරණය, 2012දී වෝරානි ජනතාව සමග රජය කටයුතු කළ ආකාරය නීත්‍යානුකූල නොවන බවට තීන්දු කරමින්, අක්කර මිලියන 7ක පැතිරුණු තෙල් නිධි කට්ටි 16ක් තෙල් සමාගම්වලට පවරා දීම අවලංගු කරමින් සිය තීරණය ලබා දුන්නේ ය…. ඒ, මේ වසරේ ජූලි මාසයේ ය…. එහිදී ඓතිහාසික ප්‍රකාශයක් කළ පස්තාසා වෝරානි ආදිවාසී සංවිධානයේ සභාපති නෙමොන්තේ නෙන්කිමෝ (Nemonte Nenquimo) මෙසේ පැවසී ය….
“රජය අපේ අනුදැනුමකින් තොරව අපේ භූමිය තෙල් සමාගම්වලට විකුණන්න සූදානම් වුණා. වැසි වනාන්තර කියන්නෙ අපේ ජීවිතය. අපේ ජීවිතය බඳු අපේ වනාන්තරයේ සිදුවන්නේ කුමක්දැයි තීරණය කළ යුත්තේ අපි. අපේ භූමිය තෙල් සමාගම්වලට විකුණන්න අපට කිසිම අදහසක් නැහැ. අද උසාවිය තීරණය කර තිබෙනවා අපේ භූමිය සම්බන්ධ ව වෝරානි ජනතාව ඇතුළු ආදිවාසී ජනතාවගේ අයිතීන්ට ගරුකළ යුතු බව. ආණ්ඩුවට තෙල් වැදගත් ඇති; නමුත් එය අපේ අයිතීන්, අපේ වනාන්තර, අපේ ජීවිතවලට වඩා වටින්න හේතුවක් නැහැ.”
ඒ ජූලි මාසයේ ය… මේ අගෝස්තු මාසය ය… ලෝක ඉතිහාසයේ පළමුවරට ආණ්ඩුවක් සහ තෙල් සමාගම් එකට තබා පැරදවූ ආදිවාසී වික්‍රමයට මාසයකට පසුව, අමසෝන් වනාන්තරය හෙවත් පෘථිවියේ ජීවයේ හදවත දැන් සති දෙකක් තිස්සේ ගිනිගනිමින් පවතී…
(Face book උපුටා ගැනීමකි)
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article