Friday, January 24, 2025

ඇමති මහින්දානන්දගේ විදෙස් ගමන් තහනම ඉවතට

Must read

2015 වසරේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සතොස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන 53ක් පමණ වටිනා කැරම්බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව පනවා තිබෙන විදෙස් ගමන් ලබන 31 වන දා දක්වා තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය අද (08) නියෝග කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යවරයා වන මහින්දානන්ද අලුත්ගමගේ මහතාට මේ මස 26 වනදා සිට 28 වන දා දක්වා කාල සීමාව තුළ ඉතාලියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සමුළුවට සහභාගිවීමට ආරාධනා ලැබී ඇති බවත් ඊට සහභාගි වීමට අවශ්‍ය වී ඇති බැවින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා දැනට අධිකරණය මඟින් පනවා ඇති විදේශ ගමන් තහනම් නියෝගය තාවකාලිකව ඉවත් කරන ලෙසට ඔහුගේ නීතිඥවරයා විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article