Friday, September 20, 2024

ඇදිරි නීතිය ලිහිල් කල විට කටයුතු කල යුතු ආකාරය ගැන රජයෙන් දැනුවත් කිරීමක්

Must read

(9.00 am)

රජය විසින් තීරණය කර ඇති පරිදි හෙට (20)හා 22 යන දිනයන්වලදී ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු දෙපාර්තමේන්තු, සංස්ථා, බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සමාන්‍ය පරිදි ක්‍රියාත්මකව තැබිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල සේවක පිරිසෙන් තුනෙන් එකක් සේවයට වාර්තාකළ යුතු අතර සෙසු දිස්ත්‍රික්කවල පිහිටි රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලයෙන් සියයට පනහක පිරිසක් සේවයට වාර්තා කළ යුතුය.සේවයට වාර්තා කළ යුතු සේවකයින් කවුරුන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි තීරණය කිරිමේ හැකියාව පවතන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

පුද්ගලික් අංශයේ ආයතන ආරම්භ කල යුත්තේ පෙරවරු 10ට වන අතර සේවයට පැමිණෙන සේවකයින් සංඛ්‍යාව තීරණය කිරීම ආයතන ප්‍රධානීන් විසින් සිදුකළ යුතු වෙයි.

සියලුම කාර්යාල හා ⁣ආයතන විවෘත කර පවත්වාගෙන යාමේදි සෞඛ්‍ය අංශවලින් නියම කර ඇති උපදෙස් මුළුමනින්ම අනුගමනය කර යුතු අතර ඊට අදාළ පහසුකම් සැපයීම ආයතන ප්‍රධානීයාගේ වගකීම බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එමෙන්ම විශේෂයෙන් ඇදිරි නීතිය ලිහිල් කරන කාලය තුල රැකියා සදහා පිටත්ව යාම හැරුන කොට සියලු ආකාරයේ උත්සව, වන්දනා, විනෝද චාරිකා සැණකෙළි, පෙරහැර, රැස්වීම් ආදිය යළි දැනුම් දෙන තුරු තහනම්ය.රැකියා සදහා පිටත්ව නොයන සියලු අවස්ථාවන් වලදී ජනතාවට නිවසේම රැදී සිටින ලෙස රජය දැනුම් දෙයි.

කොරෝනා වසංගත අවධානම තවමත් මුළුමනින්ම පහව ගොස් නොමැති බැවින් සියලුම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් සියලුම රාජ්‍ය ආයතන මෙන්ම පුද්ගලික ආයතනද පිලිපැදිය යුතු බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article