Friday, September 20, 2024

ඇදිරි නීතිය ලිහිල් කලත් පොදු ප්‍රවාහන කටයුතු සාමාන්‍ය ජනතාවට විවෘත නැහැ

Must read

හෙට (11) සිට දිවයින පුරා පනවා ඇති ඇදිරි නීතිය ලිහිල් කිරීමට රජය විසින් තීරණය කර ඇතත් පොදු ප්‍රවාහන සේවාවන් වන ලංගම හා දුම්රිය සේවය සපයනු ලබන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවා සදහා රාජකාරි කටයුතු වලට වාර්ථා කරන කාර්ය මණ්ඩලය සදහා පමණක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි.

මෙම තීරණය ගෙන ඇත්තේ හෙට දිනයේ සිට ඇදිරි නීතිය ලිහිල් කල විට සාමාන්‍ය ජනතාව අත්‍යවශ්‍ය නොවන කටයුතු සදහා පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීමෙන් වළක්වාගැනීමටය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රවාහන අමාත්‍යවරයාට ලබාදී ඇති උපදෙස් අනුව හෙට සිට සති දෙකක කාලයක් සාමාන්‍ය ජනතාව සදහා පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවනු ඇත.

මේ වන විට පවතින තත්වය අනුව කොවිඩ්19 මර්දන ක්‍රියවලිය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සදහා සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස් අනිවාර්‍යයෙන්ම පිලිපැදිය යුතු බවත් ඒ සදහා මහජනතාව සහයෝගය දැක්විය යුතු බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article