Friday, September 20, 2024

ඇදිරි නීතිය අස්සේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය, අලෙවිය සහ ප්‍රවාහනය ජයටම

Must read

(4.00 pm)

දිවයින පුරා ඇදිරිනීතිය ක්‍රියාත්මක කාල සීමාව තුල නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය, අලෙවිය සහ ප්‍රවාහනය ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින පුරා ඇදිරි නීතිය පැනවූ දින සිට මේ දක්වා (අප්‍රේල් 15) සිදුකරන ලද වැටලීම් වලදී නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය, අලෙවිය සහ ප්‍රවාහනය සම්බන්දයෙන් පුද්ගලයන් 400කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කරයි. එමෙන්ම එම කාලය තුල බලපත්‍ර අත්හිටවූ සුරාසැල් සංඛ්‍යාව 6කි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article