Thursday, January 9, 2025

“ආවා” කල්ලියට යාපනයේ යළි හිස ඔසවන්න දෙන්නේ නෑ – ඇමති සාගල කියයි

Must read

CAI_12321

උතුරු පලාතේ ක්‍රියාත්මක  “ආවා”  නැමති පාතාල කල්ලිය මර්ධනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් වැඩිදුරටත් අමාත්‍යවරයා සදහන් කර අත්තේ , උතුරු පලාතේ ක්‍රියාත්මක “ආවා”   නැමති කල්ලිය යළි ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බවට වාර්තාවී ඇති බවයි. ඒ පිළිබඳ විවිධ මාධ්‍ය වාර්තා පවා පළ වූ නමුත් කිසිදු ආකාරයකින් ආවා කල්ලියට හිස ඒසවීමට නොදෙන බවයි  අමාත්‍යවරයාගේ අදහසවී ඇත්තේ.

පසුගිය දින 02 ඇතුලත මීට අදාළ සිදුවීම් 08 ක් වාර්තාවී ඇති අතර එම සිදුවීම් වලට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ලයන් 06 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට විශේෂ විමර්ශන සිදුකරමින් පවතින අතර එම විමර්ශන කටයුතු කි ඉක්මනින් සිදුකරන්නට අවශ්‍ය නිසා මේ වෙනවිට යාපනය පොලිස් කොට්ඨාසයේ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවත් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.

යාපනයේ පමණක් නොව දකුණේ ක්‍රියාත්මක පාතාලය සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමේ ක්‍රියාවලියද මේ වන විට  ආරම්භ කර ඇති අතර විදේශ රටවල  සැඟවී සිට පාතාලය මෙහෙයවන පාතාල ලොක්කන් සැඟවී සිටින ස්ථාන පවාමේ වන විට හදුනාගෙන ඇතැයිද අමාත්‍යවරයා එම අවස්ථවේදී හෙලි කලේය. ඒ පිරිස් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට අවශ්‍ය සියලුම පියවර ගැනීම මේ වනවිට සිදුකරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article