ආරච්චිකට්ටුව සමුපකාර ඡන්ද විමසීමේදී එහි අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමස්ථඡන්ද සංඛ්‍යාව අනුව 11 වැනි තැනට පත්වෙමින් පරාජයට පත්ව ඇති බව ‘ ලංකාදීප’ වෙබ් අඩවිය වාර්තා කරයි.
ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර ඡන්ද විමසීම පෙරේදා (17) පැවැති අතර ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයට සභිකයන් 9 දෙනෙකු තෝරාපත්කර ගත් අතර තේරී පත්වූ සභිකයන් 9 දෙනා අතරින් 6 දෙනකුම ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෝ වීම විශේෂත්වයකි.
රාජ්‍ය ඇමැතිවරයාගේ පරාජයත් සමඟ එහි රැස්ව සිටි ජනතාව ඔහු ඉදිරිපිටදීම හූ කියමින් කෑකෝ ගසමින් විරෝධය පළ කල බවත් තවත් පිරිසක් රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති වූ බවත් වාර්තා වෙයි.