Thursday, December 26, 2024

‘ ආරක්ෂාව පමණක් නොව මහජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයටත් අපි දායක වෙනවා’ -නැගෙනහිර යුද හමුදාපති

Must read

ඉරලකුලම් ප්‍රදේශයේ තමිල් කලවන් පාසල් ශාලාවේදී ඊයේ (23) පැවති විශේෂ උත්සවයකට ප්‍රධාන ආරාධිතයා ලෙස නැගෙනහිර පළාත් යුද හමුදාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න මහතා  සහභාගී වූ අතර උත්සවයෙන් අනතුරුව  මාධ්‍යට අදහස් දක්වන ලදී.

නැගෙනහිර පළාත් යුද හමුදාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාව මේ වන විට මහජනතාවගේ ආරක්ෂාව පමණක් නොව මහජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සහ තරුණ තරුණියන්ගේ ක්‍රීඩාව දියුණු කිරීමේ කාර්යයේ නිරතව සිටින බවයි.  නැගෙනහිර පළාතේ පමණක් නොව හමුදාව ස්ථානගත කර සිටින උතුරු නැඟෙනහිර පළාත්වල ද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.

මෙම උත්සවයේදී පාසල් සිසුන් 58 දෙනෙකුට ඉගෙනුම් උපකරණ ප්‍රදානය කරන ලද අතර දිළිඳු පවුල් 50කට වියළි ආහාර ඇසුරුම් ප්‍රදානය කරන ලදී.

කේ.රුද්‍රන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article