ආයෝජකයන් වෙනත් විසදුමක් කරා යොමුවීමට පෙර මේ වන විට ශ්රී ලංකාවට විවර වී ඇති ආයෝජන අවස්ථාවන්ගෙන් ප්රයෝජන ගැනීමට ශ්රී ලංකාව කටයුතු කලයුතු බව ලෝක බැංකු නියෝජිතයන් පවසා තිබෙනවා.
මේ වන විට ශ්රී ලංකාවට පැවරී ඇති ප්රතිසංස්කරණයන් සමස්ථයක් වශයෙන් ගත්කල ශ්රී ලංකාවට වාසිදායක බවත්,නමුත් මෙම ප්රතිසංස්කරණයන් මගින් සතුටුදායක ප්රතිඵලයක් ලබාගැනීමට නම් කැපවීමට හා ඒ අනුව හැසිරීම අවශ්යබවත් එම නිලධාරීන් පවසා තිබෙනවා.
මේ වන විට ආයෝජනයන වෙනුවෙන් වන මාර්ගය ශ්රී ලංකාවට විවර වී ඇති නමුත් එම සියළුම මාර්ගයන් විවරව ඇති යම්කිසි කාලසීමාවක් පවතින නිසාවෙන් එම කලය තුල ආයෝජකයන් බලාපොරොත්තු වන ආකාරයේ ක්රියාවලීන් ප්රතිසංස්කරණ ක්රියාවලිය තුල සිදුනොවන්නේ නම් එම ආයෝජන මග වැසී යනු ඇති බවයි එම නිලධාරීන් වැඩදුරටත් පවසා ඇත්තේ. එලෙසම World Bank’s Doing Business Report හි ශ්රී ලංකාව හිමිකරගෙන සිටින ස්ථානය තවත් ඉහලට ගැනීමට කටයුතු කිරීමට උත්සහ කලයුතුබවත් එම දර්ශකයේ රටවල් හිමිකරගෙන සිටින ස්ථානයන් අනුව ආයෝජකයන් තමන්ගේ තීරණ ගන්නා බවත් මෙහිදී දක්වමින් ඔවුන් පවසා ඇතිඅතර ශ්රී ලංකාව වෙත ඉදිරිපත් කර ඇති ප්රතිසංස්කරණයන් ක්රියාවට නංවමින් ඉදිරි කාලය තුල ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සදහා කැපවීමෙන් කටයුතු කිරීමට ශ්රී ලංකාවට සිදුවනු ඇති බවද ඔවුන්ගේ අදහස වී තිබෙනවා.
economynext webඅඩවියෙන් උපුටාගන්නා ලද්දකි.