Sunday, January 12, 2025

ආනයනික ලොකුළූණු කිලෝවක් මත බද්ද රු.39කින් පහළට

Must read

ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 39කින් පහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇත. මෙම බදු මිල අඩුවීමත් සමග මේ වන විට වෙළද පොලේ ලොකුළූණු කිලෝවක මිල රුපියල් 50 – 70ත් අතුර මිලකින් පහත යනු ඇතැයි එම කමිටුව බලාපොරොත්තු වෙයි.

මින් පෙර අවස්ථාවකදී ලොකුළූණු ගොවියා සුරැකීම උදෙසා ජීවන වියදම් කමිටුව මඟින් ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද රු. 40 කින් ඉහළ දැමීමත් පසුව ඉන්දියාවේ පවතින දේශගුණික බලපෑම මත ඉන්දියාව විසින් ලොකුළූණු අපනයනය නැවැත්වීමත් හේතුවෙන් මෙරට ලොකුළූණු කිලෝවක මිල රුපියල් රු. 250 සිට 300 දක්වා ඉහළ ගියේය.

වෙළදපොලේ ලොකුළූණු කිලෝවක මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගියන්ට සිදුවන අපහසුතාවය හේතුවෙන් මෙම තීරණය ගත් බව ජීවන වියදම් කමිටුවේ සභාපති කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article