Tuesday, November 5, 2024

ආනන්දපුරම් ජනතාවගේ පානීය ජලය ප්‍රශ්නයට විසඳුමක් නැද්ද?

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ආනන්දපුරම් ගම්වාසීහු පානීය ජලය නොමැතිකම හේතුවෙන් විවිධ දුෂ්කරතාවලට මුහුණ පා සිටිති.

දීර්ඝ කාලයක සිට මෙම පානීය ජල ගැටලුවට මුහුණ පා සිටින ජනතාව වෙනුවෙන් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පළමු පානීය ජල ව්‍යාපෘතිය ලෙස ආනන්දපුරම් තේරී පත් වූ අතර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් 2017 වසරේ රැස්වීම් පවත්වන ලදී. පසු කාලයේදී ඒ ඒ ප්‍රදේශවල ජල සම්බන්ධතා කටයුතු ක්‍රමානුකූලව සිදු කෙරුණු අතර පසුගිය මාස 4 තුළ සියලු කටයුතු අවසන් කර එක් දිනක් ජලය ලබා දී ජල නළ පිරිසිදු කල පසු පානීය ජලය නොමැති බව ජනතාව පවසයි.

එලෙසම ආනන්දපුරම්හි පානීය ජල හිඟයක් පැවති සමයේ ආපදා කළමනාකරණ අංශය මගින් පානීය ජල සම්පාදන කටයුතු සිදු වුවද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට පානීය ජලය සැපයීම නතර කර ඇත.

කිසිදු අවශ්‍යතාවයකට හොඳ පානීය ජලය ලබා ගැනීමට නොහැකිව සිටින ජනතාවට කඩිනමින් පානීය ජලය ලබාදීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් තවත් විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවන බවත් ජනතාව පවසති.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article