Tuesday, January 7, 2025

ආණ්ඩු මාරු වුණාට සිවිල් සමාජය ගැන ආණ්ඩුවේ ආකල්පය වෙනස් වෙලා නෑ – උතුරු නැගෙනහිර සම්බන්ධීකරණ කමිටුව

Must read

උතුරු නැගෙනහිර සම්බන්ධීකරණ කමිටුවේ සම්බන්ධීකාරකවරුන් වන යට්සන් බිගිරාටෝ සහ කලයිවානි බූපාලපිල්ලෙයි කියා සිටින්නේ ආණ්ඩු මාරු වුවද සිවිල් සමාජය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ආකල්පය වෙනස් වී නොමැති බවයි.මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් වැඩිදුරටත් මෙසේ සදහන් කරයි.

ත්‍රිකුණාමලය, මූදූර් ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි අංජලීදේවි නවරෙතිනම් (අංජලී) නැමැත්තිය හෙට බදාදා (4) පෙරවරු 10ට ප්‍රශ්න කිරීම සඳහා TID කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අද ලිපියක් එවා ඇති අතර අංජලී ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාන්තා ජාලයේ (TDWN) නිර්මාතෘ සහ විධායක කමිටු සාමාජිකාවයි.

මානව හිමිකම් ආරක්ෂකයෙකු සහ සමාජ සේවකයෙකු වන ත්‍රිකුණාමලයේ අහම් මානුෂීය සම්පත් මධ්‍යස්ථානයේ (AHRC) ආරම්භකයින් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගෙන් කෙනෙකි ඇයගේ වැඩකටයුතු සම්බන්ධයෙන් 2024 පෙබරවාරි 7 වන දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඇයව දැනටමත් ප්‍රශ්න කරන ලදී.

පසුගිය කාලය තුළ ඇයගේ සහ ඇයගේ පවුලේ අයගේ පෞද්ගලිකත්වයට සහ පෞද්ගලික නිදහසට අනවසරයෙන් ඇතුළු වෙමින් ඇයගේ නිවසට පොලිසිය සහ බුද්ධි අංශ කිහිප වතාවක්ම පැමිණ ඇයගේ වැඩකටයුතු ගැන සොයා බැලීමට ඇයගේ නිවසට ඇතුළු වී ඇත.

ආණ්ඩු මාරු වුණාට සිවිල් සමාජය ගැන ආණ්ඩුවේ ආකල්පය වෙනස් වෙලා නැහැ. රාජ්‍ය නිලධාරීන්ගේ අඛණ්ඩ සිවිල් සමාජයට එරෙහි ආකල්පය අපි තරයේ හෙළා දකිමු.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ අයිතිවාසිකම් සහ නිදහස උල්ලංඝණය කිරීම නැවැත්වීමට අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙස අපි සියලුම රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද උතුරු නැගෙනහිර සම්බන්ධීකරණ කමිටුව පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article