Monday, January 13, 2025

ආණ්ඩුව දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නට තව කොච්චර කල් ගන්නවද ?

Must read

( 8.30 am ) ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පසුගියදා සාකච්ඡාවක් පවත්වා තිබුණි.සිවඥානම් ශ්‍රීධරන්, පත්මනාදන් සත්‍තියලිංගම්, සන්මුගනාදන් කුගදාසන්, ෂානක්කියන් රාසමාණික්කම්, ඥානමුත්තු ශ්‍රීනේසන්, කවීන්දිරන් කෝඩීස්වරන්, ඉලයතම්බි ශ්‍රීනාත්, තුරෙයිරාසා රවිගරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ අවස්ථාවට සහභාගි වී සිටියහජනාධිපති කාර්යාලයේ පැවති එම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් සඳහන් කළේ, බලය බෙදීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළ බවය.ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්කියන් රාසමාණික්කම්,

“අපේ සාකච්ඡාවේදී ඉදිරි අනාගතයේදී අලුත් ව්‍යවස්ථාවක් තුළින් දේශපාලන විසඳුමක් සම්බන්ධව, බලය බෙදීම පිළිබඳව, වගේම අතුරුදන් වූවන් පිළිබඳව, ඉඩම් ආරවුල් සම්බන්ධව, හමුදා කඳවුරුවලින් ඉඩම් අත්පත් කරගෙන තිබීම ගැන සාකච්ඡා කළා.

ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන ස්ථාවරය කොහොමද කියන එක සාකච්ඡා කළා. උතුරේ සහ නැගෙනහිර උපරිම බලය බෙදීම පිළිබඳව අපි ඉල්ලීම් කරලා තියෙනවා.

ජනාධිපති අපිට කිව්වේ ඉදිරි කාලයේදී ඒ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන් කියලා.

ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත.. යම් යම් ජාතිවාදී ප්‍රකාශ කියවුණු නිසා මේ ජාතිවාදය නැති කිරීමේ අවශ්‍යතාවයක් වශයෙන් මේක භාවිත කළා මිසක්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මින් ඉදිරියට භාවිත කරන්න කැමති නෑ කියන එකත් ප්‍රකාශ කළා.

දේශපාලන සිරකරුවන්ට ඇප දෙන්න පුළුවන්ද කියලා සොයා බලලා ඒක කරන්නත් ජනාධිපතිතුමා කැමති වුණා “.

දේශපාලන සිරකරුවන් ඇතැමුන් නඩු පවා නොමැති වසර 15  ක් පමණ තිස්සේ සිය ජිවිතය සිරගතව ගතකරති.
මේ අය නිදහස් කරන බව  ජාතික ජනබලවේගයේ එක් දේශපාල පොරොන්දුවකි.

දේශපාලන සිරකරුවන් මෙන්ම ඔවුන්ගේ අදරැතියන්ද දැන් බලා සිටින්නේ ජනාධිපති වරයා තවත් මාස කීයක් මේ මේ අයට නිදහස ලබා දිමට බලා සිටිද යන කරුණයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article