Thursday, January 23, 2025

ආණ්ඩුවේ කැපිල්ලට ලක්වු අනිල්ට ආසියාවේ ඉහලම තනතුරක් !

Must read

එක්සත් ජාතින්ගේ පරිසර වැඩ සටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 04 වන සැසිවාරයේ සභාපතිධුරය සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම්  විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා   පත්ව ඇති බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මේ දිනවල දකුණු කොරියාවේ සුවොන් නගරයේ පැවැත්වෙන ආසියා පැසිපික් කලාපයේ පරිසර අමාත්‍යවරුන්ගේ 04 වන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන පරිසර බලධාරින්ගේ නියේජිත සමුළුවේ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  සභාපතිධුරයට පත් කර ගනු ලැබ තිබේ.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඉදිරි වසරක කාලය වෙනුවෙන් මෙම තනතුරට තේරී පත්ව ඇත.

ඒ අනුව ඒ මහතා ආසියා පැසිපික්  කලාපයේ පරිසර බලධාරින්ගේ නියෝජිත බියුරෝවේ සභාපති වශයෙන් ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩ සටහනේ 05 වන මහා සභා රැස්වීමේ දී එම සැසිවාරය නියෝජනය කිරීමට නියමිතය.

ආසියා පැසිපික් කලාපයේ රටවල් 47ක පරිසර අමාත්‍යවරුන් හා බලධාරින් මෙම සමුළුව නියෝජනය කරයි.
කොරෝනා පළමු රැල්ලේදි එහි කළමණාකරණය කිරිම සදහා විශ්ෂ්ඨ සේවාවක නිරතව සිටින වෛද්‍ය අනිල් ජාසිංහව මේ රජයේ බලධාරින් විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් පවා ඉවත් කොට පරිසර ක්ෂේත්‍රයට යොමුකර තිබුණි.
ගණිතඥයන් අවැසි තැනට නැට්ටුවන් පත්කිරිම මේ රජයේ ජනප්‍රියම ක්‍රියාමාර්ගය වි තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article