පොහොර සහනාධාර මාතෘකාවක් කරගනිමින් බලයට පැමිණි රජයට බලයට පත්වී මාස 4ක් ගතවී ඇත්ත් තවම පොහොර හිගයකින් තොරව ගොවීන් වෙත සැපයීමට නොහැකි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී පියසේන ගමගේ මහතා පවසයි. ඒ මහතා පවසන්නේ “ආණ්ඩුව ආවේ පොහොර නිකන් දෙනවා කියලා.නිකන් තියා සල්ලි වලටවත් ගන්න නැහැ.” යනුවෙනි.
ඒ මහතා මේ අදහස් දක්වා සිටියේ අද (18) නෙලුවේදී පැවති ජන හමුවක් අමතමිනි.
පොහොර නොමැතිවීමේ ගොවීන් දැඩි අපහසතාවයට පත්ව ඇති බවත් , මිල ඉහල ගියත් අස්වැන්න අඩුවී ඇති බවත් මන්ත්රීවරයා සදහන් කරයි.