Friday, September 20, 2024

ආජන්ටිනාවේ ලෝක කුසලාන බලාපොරොත්තු අලුත් වෙයි

Must read

FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය යටතේ ආජන්ටිනාව සහභාගී වූ දෙවන තරඟය මෙක්සිකෝ කණ්ඩායම අතර පැවති අතර එහිදී ගෝල 2-0ක් වශයෙන් එම තරඟය ජය ගැනීමට ආජන්ටිනා කණ්ඩායම සමත් විය.

ලෝක කුසලාන තරඟාවලිය තුල රැදී සිටීමටනම් ආජන්ටිනා කණ්ඩායමට මෙම තරඟය ජය ගැනීම අනිවාර්ය වූ අතර ඊට හේතු වුයේ මින් පෙර පැවති තරඟයේදී සෞදි කණ්ඩායමට එරෙහිව ලැබූ පරාජයයි.

තරඟයේ මුල් භාගයේදී මෙක්සිකෝවෙන් ආජන්ටිනාව වෙත දැඩි පීඩනයක් එල්ල වූ අතර තරඟයේ 64 වන මිනිත්තුවේදී ආජන්ටිනාව වෙනුවෙන් පලමු ගෝලය වාර්තා කිරීමට ලියොනෙල් මෙසී සමත් විය. ඉන්පසු නැවතත් 87 වන මිනිත්තුවෙදි ක්‍රියාත්මක වූ Enzo Fernandez ආජන්ටිනාව වෙනුවෙන් ජයග්‍රාහී දෙවන ගෝලය වාර්තා කිරීමට සමත් විය.

 

list of 4 items

list 1 of 4

end of list

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article