මුදල් විශුද්ධිකරණය වැලැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්දයෙන් වන ගෝලීය අනුකූලතා ලේඛනය හෙවත් අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ඇතැයි වාර්තා වෙයි. පසුගිය පෙබරවාරි මාසයේ පැවති මූල්‍ය කාර්ය සාධක බලකායේ සැසිවරයේදී ශ්‍රී ලංකාව වෙත ලබාදී තිබූ ක්‍රියාකාරී සැලැස්ම ප්‍රගති සමාලෝචන කණ්ඩායම වෙත යොමුකිරීමෙන් පසු මූල්‍ය කාර්ය සාධක බලකායේ මෙම ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට තීරණය කර ඇති අතර ඒ සදහා සියළුම සාමාජික රටවල් අනුමැතියද හිමිව තිබේ.
2017 වසරේ ඔක්තෝබර් මාසයේදී මුදල් විශුද්ධිකරණය වැලැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ක්රමෝයපාය වල දුර්වලතා ඇති රටක් වශයෙන් මූල්‍ය කාර්ය සාධක බලකායේ අනුකූලතා ලේඛනයට ශ්‍රී ලංකාව ඇතුලත් කෙරිණි.