Friday, September 20, 2024

අවුරුදු සාදයේදි දුන් ආහාර විෂවි ඇඟලුම් කම්හල් සේවිකාවන් පිරිසක් රෝහල් ගතකෙරේ..

Must read

පවතින ආර්ථික ආර්ථි අපහසුතා මැද දැඩි පිඩාවටක පත්ව සිටින ඇඟළුම් සේවිකාවන්ගේ අනාගතය පවා දැන් අවිනිශ්චිතව ඇත්තේ බොහොමයක් ඇඟළුම් කම්හල වසා දැමෙන තත්වයක් දැන් උදාවෙමින් තිබිම නිසාය.

විශේෂයෙන්ම නිදහස් වෙළද කලාප තුල සේවය කරන අය දැඩි මානසික පිඩනයකට පත්ව සිටිති.

මේ තත්වය තුල එදිදෙනාද නිසි කෑම වේලක් සපයා ගැනිම පවා ගැටළු සහගත වි ඇත.

බොහෝ ඇඟළුම් කම්හල් සේවිකාවන් උදේට තේ, කෝපි වලින් කුසගින්න පාලනය කරගෙන වැඩපළෙන් ලැබෙන බත් පාර්සලයෙන් කුසගිනි නිවාගන්නට පුරුදුව සිටිති

මේ අතර ආහාර විෂවීමක් හේතුවෙන් කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේඇඟලුම් සේවක සේවිකාවන්  විශාල පිරිසක් රෝහල්ගතකර ඇතැයි news 9 ෆේස් බුක් පිටුව විසින් වාර්තා කර තිබේ

එම පුවතේ වැඩිදුරටත් මෙසේ සදහන් වන්නේ කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇගලූම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් තුන්සීයක් පමණ ආහාර විෂ වීමකින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක් වෙත අද(03) උදැසන සිට ඇතුළත් කොට ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසන බවය

2023 වර්ෂය උදාවිම නිමිත්තෙන් කොග්ගල වෙළඳ කලාපයේ ඇගලූම් කර්මාන්තශාලාවක ඊයේ(02) දින සාදයක්  පවත්වා ඇති අතර එහිදි ආහාර ලබා ගන්නා ලද සේවක පිිරිස අතරින් තුන්සියයකට අධික පිරිසකට මේලෙස ආහාර විෂවිමක් සම්බන්ධයෙන් රෝග ලක්ෂණ හට ගැනීම නිසා අහංගම , ඉමදුව සහ හබරාදුව යන රෝහල වෙතත් ආසාධ්‍ය තත්වයේ පසු වු රෝගීන් ගාල්ල කරාපිටිය රෝහල වෙතත් ඇතුළත් කොට ඇති බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසා ඇතැයි news 9 ෆේස් බුක් පිටුව සදහන් කර තිබේ
www.ruhunupuwath.com
(ඡායරූප -news 9 ෆේස් බුක් පිටුවෙනි )

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article