ගමන් යන කොළඹ කේන්ද්‍රිය නගර රැසක ජනයා හට පාර අයිනේ අලියෙකු දැකිම සතුට දනවන කරුණක් වුවද අලි මිනිස් ගැටුම පැතිර ගොස් ඇති ප්රදේශල ජනයාට අලියෙකු දැකිම මරණයට අතවැනිමක් වන තරමට තත්වය බරපතල වි තිබුණි
සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ ඉගෙනීම් කටයුතු සඳහා පාසලට ඇතුළත් වීමට අයදුම්පත්‍ර භාර දීම සඳහා පාසලට යාමට සූදානම් වෙමින් සිටි පාසල් සිසුවකු අනුරාධපුර පූජා නගරයේදී වන අලි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර පොලිසිය පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබුණි
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිසා වැව, නීරාවිය, දේවානම්පියතිස්සපුර හතරවන පියවර ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. රශීම් මොහොමඩ් රාසීද් නැමැති 17 හැවිරිදි හැවිරිදි පාසැල් සිසුවෙකි.
වී වෙළදාමේ කටයුතුවල නිරත වන ඥාති සහෝදරයෙකු බස් රථයකට ඇරලවා යතුරු පැදියකින් නැවත තම නිවස බලා ගමන් කරමින් සිටියදී අද අළුයම 4:45 ට පමණ එල්ලවූ වන අලි ප්‍රහාරයට මෙම සිසුවා ජීවිතක්ෂයට පත්ව තිබූ බව පොලීසිය කියයි.
මේ ආකාරයෙන් අහිමිවන ජිවිත වලට වගකියන්නේ කව්ද ?