Tuesday, March 25, 2025

අල්ලස් ගන්න ගිය NGO සම්බන්ධිකාරකයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ?

Must read

පාරම්පරික වෛද්‍යවරියකට ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ලබා දෙන පාරම්පරික වෛද්‍ය සහතිකය ලබා දෙන බව පවසා අල්ලස් ලබා ගැනීමට තැත් කළ ව්‍යාපාරිකයෙකු සහ තවත් තිදෙනෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෛද්‍යවරියක විසින් අදාළ පැමිණිල්ල අල්ලස් කොමිසම වෙත යොමු කළ පැමිණිල්ලකට අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ලබා දෙන පාරම්පරික වෛද්‍ය සහතිකය ලබා දෙන බව පවසා ඒ වෙනුවෙන් ලක්ෂ 10ක මුදලක් අල්ලස් ලෙස මොවුන් ඉල්ලා තිබෙනවා.

ඉන් රුපියල් ලක්ෂ 5ක මුදලක් අත්තිකාරම් ලෙන ලබා ගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල ලබා දීම යන චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පවසන්නේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පුද්ගලයෙකු, පිළිමතලාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සහ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය නොවන සංවිධානයක සම්බන්ධීකාරකවරයෙකුයි.

කොළඹ ප්‍රසිද්ධ හෝටලක් තුළදී මොවුන් කොටුකර ගැනීමට අල්ලස් නිලධාරීන් සමත්ව තිබෙනවා.
( ITN news )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article