Saturday, September 21, 2024

අරලගංවිලදී කැබ් රථයක් සිසුන් පිරිසක් යටකරගෙන යයි : එක් සිසුවෙකු ජීවිතක්ෂයට

Must read


අරලගංවිල බෝගස්හංදිය අසළ සිදුවූ රිය අනතුරකින් 16 හැවිරිදි සිසුවෙක් මියගොස් තවත් දස දෙනෙකු තුවාල ලබා තිබේ.

දෙහිඅත්තකණ්ඩිය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වෙමින් තිබු කැබ් රථයක් උපකාරක පංතියකට සහභාගී වී පාගමනින් ගමන් කරමින් සිටි සිසුන් පිරිසක් යටකරගෙන යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් තුවාල ලැබු ළමුන් 11 දෙනෙකු පොළොන්නරුව සහ අරලගංවිල රෝහල්වලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් සිසුවෙක් මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ රත්මල්තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකි.

කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අරලගංවිල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

(අදදෙරණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article