කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ අද (08දා) අලුයම කාලයේ පැවති අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි.ඒ හේතුවෙන් ගුවන්යානා දෙකක් මත්තල රාජපක්ෂ ගුවන්තතොටුපල වෙත හරවා යැවිණි.
මේ වන විට කටුනායක ගුවන්තොටුපල අවට කාලගුණික තත්වය යහපත් අතට හැරී ඇති අතර ගුවන් යානා මෙහෙයුම් කටයුතු බධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදු කරමින් පවතී.