Sunday, January 12, 2025

අයතා මුදල් පරිහරණය ගැන නාමල්ට එරෙහි නඩුව පෙබරවාරියට කල්යයි

Must read

මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පණත යටතේ චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6දෙනෙකුට එ⁣රෙහි නඩුව ලබන වසරේ පෙබරවාරි 10වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඊයේ (14)තීරණය කලේය.
පසුගිය රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස කෝපරේට් නැමැති සමාගමක ආයෝජනය කිරීම හේතුවෙන් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පණත යටතේ නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂප මහතා ඇතුළු 6දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

නඩුව කල් දැමීමට හේතු වී ඇත්තේ නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ මහතා විසින් තමන්ට නවනත්නඩු කටයුත්තක් ඇති බැවින් මෙම නඩුව කල් තබන ලෙස කල ඉල්ලීමකි.

කෙසේ වෙතත් මෑත කාලීනව රාජපක්ෂවරුන්ට එරෙහි නඩු විභාගයන් සියල්ලක්ම පාහේ කල් දැමීමේ සිදුවීම්පසුගියබදින කිහිපය තුල දිගින් දිගටම වාර්තා විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article