Friday, September 20, 2024

අම්පිටියේ සුමන හිමියන් රාජ්‍ය නිලධාරියෙකුට පහරදීම ගැන වාකරේ ප්‍රා.සභාවේ විරෝධය

Must read

ඡායාරූපය උපුටාගැනීම – අන්තර්ඡාලයෙන්

මඩකලපුව දිස්ත්‍රික්කයේ උතුරු වාකරෙයි ප්‍රාදේශීය සභාවේ 31 වන සැසිවාරය අද සී. ගෝනලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර අම්පිටියේ සුමන ස්වාමීන්වහන්සේ විසින් රජයේ නිලධාරියෙකුට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් එහිදී විරෝධතාවය ප්‍රකාශ කරන ලදී. මෙම බෞද්ධ භික්ෂුව විසින් මෑතකදී රජයේ නිලධාරීන්ට කළ පහරදීම හෙළා දකිමින්  ප්‍රකාශ නිකුත් කළේය. එහිදී ඔහු කියා සිටියේ,

බුද්ධාගම  ධර්මය සමඟ අන්තර්ගත වන බවත්  මෙම ආගම උගන්වන ඇතැම් පූජකවරුන්ගේ අතීත ක්‍රියාකාරකම් රට තුළ දැවැන්ත විරෝධතා රාශියක් ඇති කර ඇති බවත්, නීතිගරුක රාජ්‍ය පරිපාලන රාජකාරිවල නියැලී සිටින රාජ්‍ය සේවකයින්ගේ ස්වාධින ක්‍රියාකාරකම්වලට ඔවුන් බලපෑම් කරන අතර මේ අනුව ඉදිරියේ දී රාජ්‍ය නිලධාරීන්ට  සාධාරණ ලෙස සේවා සැපයීමේ අවස්ථා අහිමිවී යා හැකි බවයි. එමෙන්ම පරිසර විරෝධී ක්‍රියාකාරකම් වලක්වා ජනතාවට සාධාරණය ඉටුකිරීමෙට ඇති අවස්ථාව මෙයින් වැලකෙන බවත් තවදුරටත් අවධාරණය කරන ලදී.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article