Friday, September 20, 2024

අපේ ජන බල පක්ෂයේ ලේකම් හිමි සොයා පොලිස් පරීක්ෂණ

Must read

අපේ ජන බලවේගය පක්ෂයේ ලේකම් බව පැවසෙන වේදිනිගම විමලතිස්ස හිමි අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්ථා වෙයි. ඒ මහනුවර අස්ගිරි මහ විහාර සංකීර්ණයේ පිහිටි පෞරාණික වටිනාකමින් යුත් විහාරස්ථාන ගොඩනැගිල්ලකට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අස්ගිරි මහා විහාර සංකීර්ණයට අයත් වසර 700කට වඩා ඉපැරණි වැල්ලව විහාර භූමියේ පෞරාණික ගොඩනැගිල්ලකට අදාළ හිමිනම විසි විනාශයක් සිදු කර තිබෙන බව එම විහාරාධිපති බව කියන කලංකුට්ටියේ රාහුල හිමි මහනුවර පොලිසියට පැමිණිළි කර ඇති අතර එකී පැමිණිල්ලට අනුව පොලීසිය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විහාර භූමියේ පෞරාණික වටිනාකම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගෙන ඇත. එම වාර්තාව මගින් වැල්ලව විහාර භූමිය පෞරාණික වටිනාකමින් යුත් ස්ථානයක් බවත් එහි මැද මිදුල කොටසේ සිදුකර තිබෙන අනවසර ඉදිකිරීමක් මගින් පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝනය වී තිබෙන බවත් දක්වා වාර්තාවක් එවා තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article