Thursday, December 26, 2024

අපේක්ෂකත්වයෙන් 30%ක් නිදහස් පක්ෂයට දෙන්න බැහැ – ශෙහාන් සේමසිංහ

Must read

එළඹෙන මහ මැතිවරණය සඳහා එක්ව තරග කිරීමේදී අපේක්ෂකත්වයෙන් 30%ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිසේත් සූදානම් නැතැයි සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

හෙතෙම අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වූ පමණන් ඔවුන්ට එවැනි විශාල ප්‍රතිශතයක් ලබාදිය නොහැකි බවත්, එසේම ඒ තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි දරදිය ඇදි පුද්ගලයන්ට අසාධාරණයක් සිදු කළ නොහැකි බවත්ය.

කෙසේ වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් මේ වනවිටද එක්සත් ජාතික පක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු විරෝධීන් සමග අත යට ඩීල්දමා ඇතැයි හෙළි වන බවද රාජ්‍ය අමාත්‍යවරයා අදට පවසා සිටියේය.

එළඹෙන මහ මැතිවරණයේදී තනිව තරග කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පාර්ශ්ව සිදු කරනු ලබන ප්‍රකාශ තුළ මෙම ඩීල් දැමීම ඔප්පු වන බවද කී රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ වැඩිදුරටත් සිය අදහස් දක්වමින්,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලනයේදී හරි විදියට ජනතා සේවයේ නියැළුණා නම් එයාලට අද මෙහෙම වෙන්නෙ නෑ. ජනතාව එයාලව ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී අපට සහාය දුන්නා තමයි. නමුත් මහමැතිවරණය ඊට වෙනස්. ඒ අය අපට එකතු වුණා කියලා අපේ පක්ෂයට දරදිය ඇද්ද අයට අසාධාරණයක් කරන්න කොහෙත්ම බෑ. ඒක අපි අපේ පාක්ෂිකයන්ටත් කරන අසාධාරණයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් කියනවානේ තනිව තරග කරනවා කියලා. එතනින්ම පේනවා ඒ අයගේ අලුත් ඩීල් එකක් කියලා. බදියුදීන්, හකීම්, ජේ.වී.පී. වගේ පොහොට්ටු විරෝධීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළෙත් ඉන්නවා. ඒ අයට 30ක් දෙන්න අපට කොහෙත්ම බෑ යැයිද පවසා සිටියේය.

(Ada.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article