Friday, September 20, 2024

අනුර ඇතුළු 26කට අධිකරණයෙන් නියෝගයක්

Must read

ජාතික ජන බලවේගයේ  නායක අනුරකුමාර දිසානායක ඇතුළු තවත් 26 දෙනෙකුට අද (26) කොළඹ මාර්ග කිහිපයකට ඇතුල්වීම වළකාලමින් අධිකරණය විසින් නියෝගයක් ලබා දී තිබේ.

මෙම නියෝගය අධිකරණය විසින් නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයා ඇතුළු රජය විසින් මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය විසින් අද කොළඹදී මහජන විරෝධතැවක් සංවිධානය කර ඇති පසුබිමකය.

එම විරෝධතාව අද පස්වරු 2.30ට විහාරමහදේවී උද්‍යානය අසලින් ආරම්භ වීමට නියමිත බව ජාතිකජනබලවේගය විසින් නිවේදනය කර තිබිණ.

අධිකරණ නියෝගයට අනුව අනුර කුමාර ඇතුළු 26 දෙනෙකු⁣ට කොටුව පොලිස් වසමට අයිති මාර්ගවල අවහිරතාවයක් සහ මාර්ගවල ගමනගන්නා වාහන වලට බධාකිරීමක් සිදුවන පරිදි  කටයුතු නොකරන ලෙසට දන්වා ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article