Friday, September 20, 2024

අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට අවධානය

Must read

සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශයන්ට අනුකූලව ඉක්මනින් අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

දකුණු පළාතේ දිස්ත්‍රික්ක 3 අතර බස්රථ ධාවනය ඊයේ (18) සිට ආරම්භ කර ඇති අතර සෙසු පළාත්වල අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා ආරම්භ කිරීම පිළිබඳව ප්‍රවාහන කාර්යයන් පිළිබඳ කාර්ය සාධක බලකායේදී සාකච්ඡා කිරීමට නියමිතය. එම කාර්යසාධක බලකායේ රැස්වීමක් අද(19) පැවැත්වීමට නියමිතය.

බස් රථවල අසුන් සංඛ්‍යාවට අනුව මගීන් ගෙන යාම පසුගිය සිකුරාදා ආරම්භ විය. පෞද්ගලික බස් සංගම්ද මේ වන විට අන්තර්පළාත් මගී ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට අවසර දෙන ලෙද අමාත්‍යංශයෙන් ඉල්ලීමක්ද කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article