උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 300ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100-150 පමණ තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, අද (10) දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් වාර්තා වෙයි.