අද පෙරවරුවේදී අතුරුදහන්වුවන්ගේ පවුල් ඒකතුවේ සාමාජිකයින් විසින් අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍යාංශයට පෙත්සමක් බාරදෙන ලදී. මෙම පෙත්සම මගින් ඔවුන් අවධාරනය කර තිබුණේ 1989 දී පැවති භීෂන කාලයේදී මෙන්ම ඊට පසුවත් විවිධ හේතු වෙනුවෙන් සිදුකරන ලද පුද්ගලයින් අතුරුදහන් කරවීම් වෙනුවෙන් ගෙවවීමට රජය විසින් ඒකගවී ඇති අතුරු වන්දි මුදල වන රු ලක්ෂ දෙකක මුදල ගෙවීම මේ වනතෙක් නිසි පරිදි ඉටු නොවී ඇති බවයි. ඒමෙන්ම අතුරුදහන්වූවන් පිළිබද කාර්යාලයේ (OMP ) ක්‍රියාකාරී්ත්වය සදහා අවශ්‍ය පහසුකම් වර්තමාන රජයෙ යටතේත් අධිකරණ අමාත්‍යාංශය විසින් තවමත් සපුරා නැත. අතුරුදහන්වූවන්ගේ පවුල් ඒකතුව විසින් ඔවුන්ට 2024 නොවැම්බර් මස අයවැයෙන් ලැබුණ වන්දි මුදල වන මිලියන 14 ක මුදල පවුල් 5000 ක් අතර බෙදා අවසන් කිරීමට කටයුතු කර නොමැති බව ඔවුන් අවධාරණය කර සිටියි. ඒමෙන්ම ඒයට ප්‍රධාන හේතුව ලෙස මෙම වන්දි මුදල ලබාදීම වෙනුවෙන් කාර්යාලය වීසින් සිදුකළ යුතු පරීක්ෂණ හා විමර්ෂන පවත්වා අවසන් කිරිමට ඔවුන් අසමත්ව තිබේ. ඒ් වෙනුවෙන්ධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ්‍ය විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකා වලට කැබිනට් අනුමැතියද ලැබී නොමැත.
අතුරුදහන්වූවන්ගේ පවුුුල් ඒකතුව විසින් අද අධිකරණ හා ජාතික ඒ්කාබද්ධතා අමාත්‍යාංශයට බාරදුන් මෙම පෙත්සම මගින් අතුරුදහන්වුවන්ගේ පවුල් වල රජය විසින් සිදුකර ඇති නොසැලකිල්ල පිළිබදව දීර්ඝ කරුණ දැක්විමක් සිදුකර ඇත.