Wednesday, December 25, 2024

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වැඩි මිලට විකුණු සුප්‍රසිද්ධ අන්තර්ජාල සමාගමක් පාරිභෝගික අධිකාරය වටලයි

Must read

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම හේතුවෙන් අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවිකරන මෙරට ප්‍රසිද්ධ ⁣ආයතනයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය අද කටයුතු කලේය.
මෙම ආයතනයට එරෙහිව සමාජ මාධ්‍ය හරහාද විශාල විවේචනයක් පසුගිය දින කිහිපය තුල එල්ල විය.

රජය විසින් සැමන් හා පරිප්පු සදහා මිල සහන ලබාදී ඇති අවස්ථාවකදීද අදාල සමාගම විසින් එම ද්‍රව්‍ය විකුණා තිබුණේ රු.180(පරිප්පු) හා රු.550(සැමන්) වැනි මිලකටය.

කෙසේ වෙතත් මෙම සමාගම විසින් සිය පාරිභෝගිකයන්ගෙන් අයකරගත් වැඩි මුදල නැවතත් පාරිභෝගිකයන් හට ලබාදීමට පොරොන්දු වී ඇති අතර එම සමාගමට විරුද්ධව නඩු පවරන බවද පාරිභෝගික අධිකාරිය සදහන් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article