ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ධීවරයින් 27 දෙනෙකු සහ බෝට්ටු 5ක් වහා නිදහස් කරන ලෙස බලකරමින් අගතියට පත් ධීවරයින් සහ ධීවර සංගම් රාමේෂ්වරම් තැපැල් කාර්යාලය ඉදිරිපිට බදාදා (18) පෙරවරුවේ උද්ඝෝෂණයක් පවත්වන ලදී.
රාමේෂ්වරම් සහ මණ්ඩපම් ප්‍රදේශයේ ධීවරයින් සහ බෝට්ටු නිදහස් කරන ලෙස ඉල්ලමින් අද රාමේෂ්වරම් – මදුරෙයි ප්‍රධාන මහා මාර්ගයේ දී ධීවර පවුල්වල සහ ධීවර සංගම් නියෝජිතයින් ,කම්කරුවන් විරෝධය පළ කරමින් සියයකට අධික පිරිසක් විරෝධතාවක නිරත වූහ.
උද්ඝෝෂණයේදී කච්චතිව් ප්‍රතිසංස්කරණය කිරීම, කච්චතිව්හි අහිමි වූ ධීවර අයිතිය යළි ලබා දීම, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රහාරයට ලක්වූ බෝට්ටු සඳහා පූර්ණ වන්දි ලබාදීම, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා සියයකට අධික ප්‍රමාණයකට පූර්ණ වන්දි ලබා දීම, තමිල්නාඩු ධීවරයින්ට දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම සහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මධ්‍යම සහ ප්‍රාන්ත රජයට සහන සැලසීම ඊට සම්බන්ධ ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ ශ්‍රී ලංකා රජයට එරෙහිව සටන් පාඨ මතු විය.
එසේම ශ්‍රී ලංකා රජයේ පාර්ශවයෙන් එම ධීවරයින් සහ බෝට්ටු ලබන 27 වැනිදා නිදහස් කරන බවට රජයේ නිලධාරීන් සහතික වී ඇත.
එස්.ආර්.ලැම්බර්ට්