කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන්මින් පෙර හුදකලා ප්‍රදේශයක් වශයෙන් නම් කල බණ්ඩාරගම අටලුගම ප්‍රදේශය අද (14) සිට යළි විවෘත කරන බව හමුුදාපතිවරයා සදහන් කරයි.
පසුගිය මාර්තු මස 27 වනදා අටළුගම ගම්මානය සම්පුර්ණයෙන් හුදෙකලා කිරිමට ලක් කළ අතර එම ගම්මානයෙන් හමුවූ පළමු කොවිඩ් 19 ආසාදිතයා ඇසුරු කළ බව කියන පුද්ගලයින් 20දෙනෙකු පසුව බණ්ඩාරගම,අලුත්ගම සර්වෝදය මධ්‍යස්ථානයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණි.