Friday, September 20, 2024

⁣සිය අවසන් ලෝක කුසලානය මෙය බව මෙසී තහවුරු කරයි.

Must read

තම ලෝක කුසලාන මන අවසන් කරමින් අවසන් ලෝක කුසලාන තරඟය වශයෙන් අවසන් මහා තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවීම ගැන තමන් සතුටට පත්වන බව ආජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසී පවසයි.

ඊලග ලෝක කුසලානය දක්වාතවත්වසර කිහිපයක් ඇති බවත් ඒ දක්වා තමන්ට ක්‍රීඩා කිරීමට හැකියාවක් ඇතැයි තමන් නොසිතන බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසී පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කරයි.

සිය අවසන් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට ක්‍රීඩි කල මෙසී ඇතුලු ආජන්ටිනා කණ්ඩාය එහිදී ක්‍රොඒෂියවට එරෙහිව ගෝල 3-0ක ජයක් ලබමින් අවසන් තරඟයට සුදුසුකම් ලැබීමට සමත් වූ තර එහිදී මෙසී විසින් දඩුවම් පහරක් මගින් එක් ගෝලයක් ලබාගත් අතර ජුලියන් අල්වා⁣රෙස විසින් ගෝල 2ක් සිය කණ්ඩායමට ලබාදීමට සමත් විය.

ඒ අනුව  ලෝක කුසලාන අවසන් තරගය ආජන්ටිනාව හා, ප්‍රංශය හෝ ආජන්ටිනාව හා මොරොක්කෝව අතර 18 වනදා පැවැත්වීමට නියමිතය.

එහිදී ආජන්ටිනාවේ ප්‍රතිවාදීන් කවුරුන්දැයි අද රාත්‍රීයේදී තීරණය වනු ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article