Thursday, January 23, 2025

‍මාධ්‍යවේදියාට තර්ජනය කිරීමේ පැමිණිල්ල පේදුරුතුඩුව පොලීසිය ප්‍රතික්ෂේප කරයි

Must read


අද (02) වනදා උදයන් පුවත්පතේ මාධ්‍යවේදී ජයචන්ද්‍රන් සුලක්ෂන් මහතා විසින් තමන්ට අධිකරණයේ රජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් තර්ජනයක් සිදු කළ බවට පේදුරුතුඩුව පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ. මෙම පැමිණිල්ල බාරගැනීමට ස්ථානාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීමෙන් පේදුරුතුඩුව පොලිසියේ ස්ථානාධිපතිවරයා එම පැමිණිල්ල භාරගෙන ඇත.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ ජයචන්ද්‍රන් සුලක්ෂන් සිය වෘත්තීය කටයුත්තකට පේදුරුතුඩුව අධිකරණයට පැමිණි අවස්ථාවේදීය. ඔහු සුපුරුදු පරිදි සිය යතුරු පැදිය අසල පිහිටි තේ කඩයක් ලග නවතා තබා තේ පානය සඳහා ඇතුළට යන විට පොලිස් නිලධාරියා පැමිණ යතුරුපැදිය රැගෙන එන ලෙස පවසමින් අශෝභන ලෙස හැසිරෙමින් තිබේ. පසුව එම පොලිස් නිලධාරියා එම පුද්ගලයාගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් රඳවා තබා ඇත. ඉන් පසු ටික වේලාවක් ඔහුව පොලිසියේ රඳවා තබාගෙන පොලිස් ඇප මත මුදාහරින බව පවසමින් ඔවුන් ඔහුව නිදහස් කර තිබේ. මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීමෙන් පේදුරුතුඩුව පොලිස් ස්තානාධීපතිවරයා විසින් මාධ්‍ය වේදියාගේ පැමිණිල්ල බාරගෙන තිබේ.


පොලිස් ස්ථානය තුළ සවිකර ඇති සීසීටීවී දර්ශන පරීක්ෂා කරන ලෙස මාධ්‍යවේදින් විසින් මානව හිමිකම් කොමිසමේ ප්‍රාදේශීය සම්බන්ධීකාරක ටී.කනගරාජ් මහතාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවද වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article