Saturday, September 5, 2026
spot_img

ෆාමසියක් සීල් තබා මුඛ ආවරණ ගිනි තබයි.

Must read

ෆාමසික තිබූ මුඛ ආවරණ තොගයක් ගිනි තබා එම ෆාමසිය සීල් තැබීමේ පුවතක් වාර්තා වෙයි.

මෙසේ එම ෆාමසිය සීල් තැබීමට හේතු වී ඇත්තේ පසුගියදා කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන් හදුනාගත් කොරෝනා ආසාදිත කාන්තාවගේ දෙවනි පුත්‍රයා විසින් විකිණීම සදහා මෙම ෆාමසිය වෙත මුඛ ආවරණ ලබාදීමයි.එම මුහුණු ආවරණ ගිනිතබා විනාශ කර ෆාමසිය සීල් තැබීමටත් එහි හිමිකරු හා ඖෂධවේදීන් දෙදෙනා ඔවුන්ගේ නිවෙස්තුලම නිරෝධායනය සදහා යොමු කිරීමටත් මේ වන විට කටයුතු කර ඇත.

කෙසේ වෙතත් අදාළ මුඛ ආවරණ තොගයෙන් එක් මුඛ ආවරණයක් හෝ විකිණී නොතිබූ බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

නිරෝධායනයට ලක් කළ පිරිස වැල්ලවත්ත සහ කළුබෝවිල පදිංචිකරුවන් ය .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article