Tuesday, September 15, 2026
spot_img

හොරෙන් AL ලියූ විශ්වවවිද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට

Must read

ත්‍රිකුණාමලය, මුතූර් ප්‍රදේශයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක පෞද්ගලික අයැදුම්කරුවකු වෙනුවට අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පෙරේදා (13 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විශ්වවිද්‍යාල ශිෂ්‍යයා අත්අඩංගුවට ගෙන ඇත්තේ හින්දු ශිෂ්ටාචාරය ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින අවස්ථාවේදීය.නියම අයදුම්කරු ලෙස පෙනී සිටීම සදහා සකසාගත් ව්‍යාජ හැදුනුම්පතක්ද අදාල සිසුව සතුව තිබී ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  මුතූර් මාවච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු මෙම මස 22 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article