Friday, September 20, 2024

හිටපු විභාග කොමසාරිස්වරයෙකුගේ සිරුර මෝටර් රථය තුල තිබී සොයා ගැනේ

Must read


හිටපු  විභාග කොමසාරිස් ජනරාල්වරයෙකු වූ  මහින්ද විජයසිරි  මහතා,  හොරණ-කැස්බෑව ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ   මිය ගොස් සිටියදී  අද (18) උදෑසන සොයාගත් බව පිළියන්දල පොලිසිය කියයි.

කහතුඩුවේ සිට නුගේගොඩ දක්වා සිය පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් යමින් සිටියදී ඇති වූ  හදිසි අසනීප තත්වයකින් ඒ මහතා මියගොස් ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

අද උදෑසන වෙළඳසැලක්  අසළ  පැය දෙකකට ආසන්න කාලයක් මෝටර් රියක් නවතා තබා ඇති අයුරු දුටු වෙළෙඳසල්  සේවකයකු පැමිණ එය  පරීක්ෂා කිරීමේදී  මිය ගොස් සිටි පුද්ගලයා දැක තිබේ.

අනතුරුව පොලීසිය  පැමිණ පරික්ෂා කිරීමේදී මිය ගොස් ඇත්තේ හිටපු විභාග කොමසාරිස්වරයකු වන මහින්ද විජේසිරි මහතා බවට හඳුනාගෙන තිබේ.

මහින්ද විජයසිරි මහතා 2000-2004 කාලයේදී  විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස සේවය කර ඇත.

(ලංකාදිප වෙබ් අඩවිය ඇසුරෙන්)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article