කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති රටවල් වලින් පැමිණෙන පිරිස් නිරෝධායනය කිරීම සදහා හැදල ලාදුරු රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය තීරණය කිරීමත් සමග ම ප්‍රදේශයේ ජීවත් වන ජනතාව ඊට විරෝධය දක්වමින් අද (06) දෙවන දිනටත් විරෝධාතවයේ යෙදෙන බව වාර්ථා වෙයි.
ගම් වාසීන් පවසන්නේ අධික ජන ඝණත්වයක් ඇති හැදල වැනි ප්‍රදේශයක එවැනි නිරෝධායන මධ්‍යස්තානයක් ස්ථාපනය කිරීම නුසුදුසු බවයි.
කෙසේ වෙතත් විරෝධාතවය අතුර තුරදී ම ස්ථානයට පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසා ඇත්තේ තමන් මෙම ස්ථානයේ නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදි කිරීමට ඉඩ නොදෙන බවයි. එමෙන්ම මෙම තීරණය ගනීමට පෙර ඔහුගෙන් මේ ගැන විමසීමට තිබුණ බවත් ඔහු එහිදී සදහන් කර ඇත.