Tuesday, September 15, 2026
spot_img

සෞදියේදී මිය ගිය ශ්‍රිලාංකික කතකගේ සිරුරක් වෙනුවට ඉන්දීය ජාතිකයෙකුගේ සිරුරක් දිවයිනට

Must read

 

සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී හදිසියේ මිය ගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර වෙනුවට එරටදීම මියගිය වෙනත් ඉන්දියානු ජාතික පිරිමියෙකුගේ මළ සිරුරක් කටුනායක ගුවන් තොටුපළ තෙ එවීමේ සිදුවීමක වාර්තා වෙයි.
එම කාන්තාවගෙ මල සිරුර සමගින් ඉන්දියාවේ තිවේන්ද්‍රම් හි පදිංචි තවත් පිරිමි පුද්ගලයෙකුගෙ මල සිරුරක සෞදි ගුවන්තොටුපලේ ගල්ෆ් ගුවන්සේවා කාර්යාලයට භාරදී ඇති අතර එහිදී සිදුවූ වැරදීමකින් ඉන්දීය පුද්ගලයා⁣ගේ සිරුර මෙරටට එවා ඇත.
මෙ වන විට ඉන්දීය ජාතිකයාගෙ මල සිරුර නැවතත් ඉන්දියාවට යවා ඇති අතර අද (23)දිනයේදී මිය ගිය ශ්‍රිලාංකික කතගේ මල සිරුර මෙරටට රැගෙන ඒමට නියමිතය.

මෙසේ මියගොස් ඇත්තේ මාවනැල්ල මාලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි කාන්තාවකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article