Friday, September 20, 2024

සෞඛ්‍යාරක්ෂිත මැතිවරණ ක්‍රමවේද කඩන්නන්ට නීතිමය පියවර ගන්න PHIට බලය ලබාදෙයි

Must read

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කෙරෙන ගැසට් නිවේදනයේ ඇතුළත් රෙගුලාසි කඩ කරන පුද්ගලයන්ට සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ බලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

මහමැතිවරණය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයට අනුව පැවැත්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ලබාදුන්  නිර්දේශ මාලාව රෙගුලාසි වශයෙන් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර එම ගැසට් නිවේදනය සති අන්තයේ නිකුත් කිරිමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article