Friday, September 20, 2024

සොරකමක් සම්බන්දයෙන් මිලියනපති යාචකයෙකු අත්අඩංගුවට

Must read

කොච්චිකඩේ ශා.අන්තෝනි දේවස්ථානය අසලදී පලතුරු කරත්තයක් සොරාගැනීමේ සිදුවීමක් සම්බන්දයෙන් යාචකයෙකු අත්අඩගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇති අතර, එහිදී සිදුකල විමර්ශණ වලදී හෙලි වී ඇත්තේ එම යාචකයා මහරගම පමුණුව ප්‍රදේශයේ පදිංචි මිලියනපතියකු බවයි.

සොරකම සම්බන්දයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ CCTV දර්ශණ පරික්ෂා කිරීමෙන් අනතුරුවය.CCTV දර්ශණ වලට අනුව මෙම පුද්ගලයා කරත්තය සොරාගන්නා බවත් තවත් පුද්ගලයෙකු අතේ එය සිය නිවසට යවන බවත් දැකිය හැකිය.සිය නිවස වෙත අදාාල කරත්ත ගෙන ගිය පුද්ගලයාට ඒ සදහා රු.5000ක මුදලක් මෙම යාචකයා විසින් ලබදී ඇති බවත් පරීක්ෂණ වලින් හෙලිවී තිබේ.

64හැවිරිදි එම පුද්ගලයාට මහල් දෙකක නිවසක් හිමි අතර එහි ඉහල මාහල කුලියට වෙනත් පුද්ගලයෙකුට ලබාදී ඇත.එයින් මසකට රු.30,000ක ආදායමක් හා සිගාකෑමෙන් දිනකට රු.5000ක ආදායකමක් ලබන මෙම පුද්ගලයාගේ නිවසේ තිබී හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක් හා තවත් මෝටර් රථයක් සොයාගැනීමට පොලීසිට⁣ හැකිව තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article