Saturday, January 11, 2025

සිසු ගැටුමකින් 17 හැවිරිදි තවත් පාසල් සිසුවෙකු මියයයි.

Must read

මෙම සිදුවීම සිදුව ඇත්තේ පසුගිය නොවැම්බර් 21වනදා බේරුවල ප්‍රධාන පෙලේ පාසලක වන අතර සිදුවීමට මුල් වි ඇත්තේ පාසලේ ශිෂ්‍යනායකයෙකු වන 17 හැවිරිදි සිසුවෙකු හා එම පාසලේම 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තවත් සිසුවෙකු අතරයි.

15 හැවිරිදි 9 ශ්‍රේණියේ ඉගැනුම ලැබූ සිසුවාගේ පන්තිය භාර ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කර ඇති මෙම මියගිය 17 හැවිරිදි සිසුවා 9ශ්‍රේණියේ සිසුවාගේ විනය විරෝධී හැසිරීම සම්බන්දයෙන් දිගින් දිගටම ඔහුට බැනවැදී ඇති අතර එහි එක් අවස්ථාවක 9ශ්‍රේණියේ සිසුවා විසින් 17 හැවිරිදි ශිෂ්‍යයා තල්ලු කර ඇති අතර එවිට ඔහුගේ හිස පොලවේ වැදී ඇත. පසුව ඔහු තමන්ගේ පන්තිය වෙත යෑමෙන් පසු ඔහුට හිසේ කැක්කුමක් දැනුන බැවින් ඔහු පාසල නිමවීමට පෙර නිවසට ගොස් ඇති අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවූ හෙයින් ඔහුගේ මව්පියන් විසින් ඔහුව පසුදින රෝහල් ගත කර ඇත.

ඔහුව මුලින්ම බේරුවල රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව ඔහුව නාගොඩ රෝහලටත් ඉන් පසු කොළඹ ජාතික රෝහලටත් මාරුකර යවා ඇති අතර ඒ වන විට ඔහුගේ තත්වය බරපතල වූ බැවින් ඔහුට ශල්‍යකර්මයක්ද සිදුකර ඇති අතර පසුව නැවතත් නාගොඩ රෝහලට යවා ඇත. පසුව දින දෙකකට පසු ඔහු එම රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

වෛද්‍යවරුන් පවසන්නේ මෙම මරණයට හේතුව ඔහුට මොලයට සිදුවූ හානිය බවයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article