Wednesday, January 22, 2025

සිලින්ඩරයත් සමග දීගය ඉවරයි ! – ශ්‍රිලනිපය නිවේදනය කරයි!

Must read

  • messenger sharing button
නැවත කිසිදු අයුරකින් සිලින්ඩරය සන්ධානය යටතේ මැතිවරණවලට තරග නොකරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටියි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසන්නේ, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ෆයිසර් මුස්තාපාට ජාතික ලයිස්තු මන්ත්‍රී අසුන හිමි වූයේ මැතිවරණයට පෙර පක්ෂ අතර ඇති කරගත් එකඟතාවයට අනුව බවය.

එක්සත් ජාතික පක්ෂයෙන් මෙම නම් කිරීම ගැන චෝදනා කරමින් එය කුමන්ත්‍රණයක් බව පවසනවා නොවේදැයි කළ විමසීමකදී ලසන්ත අලගියවන්න පැවසුයේ, ඔවුන් කෙසේ කීව ද ඒවාට සැලෙන්නට අවශ්‍යතාවයක් නැති බවය.

” මොකක්ද මේ අය කියන කුමන්ත්‍රණය. මැතිවරණයට කලින් අපේ එකඟතාවයක් තිබුණා. ඒ වගේම එතුමාගේ නම ජාතික ලයිස්තුවෙත් තිබුණා. ඉතින් මොකක් ද කුමන්ත්‍රණය.” ලසන්ත අලගියවන්න පැවසිය.

නැවත කිසිම ආකාරයකින් සිලින්ඩරය සමග එක්ව මැතිවරණවලට තරග නොකරන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට පුටුව ලකුණෙන් ඉදිරිපත් වන බව ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී මෙම තීරණය ගත් බව ද ඔහු වැඩි දුරටත් පැවසිය.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article